කැළණි ගඟේ මැණික් ගැරූ 9ක් STF අත්අඩංගුවට

October 01, 2022 - 11:13 AM

කැළණි ගඟේ මැණික් ගැරූ 9ක් STF අත්අඩංගුවට | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ඊයේ (09-30) පස්වරුවේ කොස්ගම පොලිස් වසමේ හද්දුවවත්ත ප්‍රදේශයේ කැලණි ගගේ ඇලමෝදර තොටුපලේ දී වැටලීමක් සිදුකරන ඇත.

එහිදී කැළණි ගඟේ මහා පරිමාණයෙන් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 09 ක් ෆයිබර් ඔරු වලින් සාදන ලද පාරු 03 ක්, කම්ප්‍රෙෂර් යන්ත්‍ර, ඔක්සිජන් ටැංකි, ගැරුම් වට්ටි ඇතුළු උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු. 30 ත් 58 ත් අතර පසුවන කොස්ගම, අවිස්සාවේල්ල, පුවක්පිටිය, තිත්තපත්තර, තල්ගහවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment