හොර මත්පැන්වලට තිත තබමින් ඒවා ක්ෂණිකව පරිගණකයෙන් හඳුනා ගත හැකි පරිගණක යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා පවසයි.
දැනට වෙළෙඳපොලේ පවතින මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් QR කේතය ස්කෑන් කිරීම මඟින් අදාළ තොරතුරු ලබා ගත හැකි වන අතර එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මොහොතේම යෙදවුම මඟින් පැමිණිලි කළ හැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වීම ද සිදුවේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අපි යෙදවුමක් නිෂ්පාදනය කරා.මෙම යෙදවුම සියළුම ඇන්ඩ්රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා EXCISE TAX STAMP VALIDATOR ( එක්සිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර්) යන නමින් ඇති යෙදවුම ඉන්ස්ටෝල් කර ගැනීම තුළින් ලැබෙන ඇප් එකෙන් බෝතලය මත ඇති QR එක ස්කෑන් කර එය හොර මත්පැන් බෝතලයක් ද නැති ද යන්න හඳුනා ගැනීමට හැකි බවයි.මෙම යෙදවුම සයිබර් අවකාශයට මුදා හැරීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමන් අතින් සිදු විය.අද (ඔක් 01) සිට මෙම යෙදවුම හරහා පාරිභෝගිකයන්ට අඅවශ්‍ය සේවාව ලබා ගැනීමට හැකිවේ.
මෙම යෙදවුම හඳුන්වා දීම තුළින් හොර මත්පැන් වලට තිත තැබීමට හැකි වී තිබෙන බවත්, රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ද මෙහිිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.