විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 09.30 වන දින ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, අබේගුණවර්ධන ජෙම්ස් ආයතනය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, උණ්ඩ දෙකක් සහිත මැගසිනයක් බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදාවේ සිට සේවය අතහැර දමා පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිස්තෝලයේ අවි අංකය සඳහන් කොටසේ අංකය මකා දමා ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.