ලකුණු 33කින් ඉන්දියාවට හිමි වූ ලෙජන්ඩ්ස් කුසලානය

October 02, 2022 - 8:18 AM

ඉන්දිියාවට හිමි වූ ලෙජන්ඩ්ස් කුසලානය | ක්‍රීඩා පුවත්

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (01) රාත්‍රියේ සමත් විය.

ඒ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබාගන්නට සමත් විනි.

නාමන් ඕජා ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නොදැවී ලකුණු 108ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණයි.

ඒ අනුව රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරඟාවලියේ ජය ඉන්දීය කණ්ඩායම  හිමි කර ගත්තා

WhatsApp
Telegram
Make a Comment
Make a Comment