ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (ඔක්. 2) දින අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
29 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙක් ඇතුළත් වෙති.
අප වාර්තාකරු සඳහන් කළේ, නිලධාරීන් අතර ප්‍රධාන පුහුණුකරු, සහය පුහුණුකරුවන්, කළමනාකරු, වේග පන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු, භෞතචිකිත්සක සහ වෛද්‍යවරුන් ද වන බව ය.
ඔවුන් අද අලුයම 3.30ට පළමුවෙන් ඩුබායි බලා පිටත්ව ගියේ ය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගමන් කිරීමට නියමිත ය.