රජයේ බදු ප්‍රතිපත්ති වලට විරෝධය

February 02, 2023 - 10:26 PM

රජයේ බදු ප්‍රතිපත්ති  වලට විරෝධය | දේශීය පුවත්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අදත් ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැත්වුණි.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වෘත්තිය සමිති නියෝජිතයින් අද (02) දහවල් කෑම පැයේදී විරෝධතාවයේ නිරතවිය.

පෞද්ගලික ආයතන කිහිපයක සේවකයින්ගෙන් සැදුම්ලත් සාධාරණ බදුකරණයක් සඳහා මහජන ව්‍යාපාරයද නෙළුම් පොකුණ වටරටුව ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවයේ නිරත වුණේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවය.

මේ අතර 75 වැනි නිදහස් දින උළෙලේ වියදම් හෙලිදරව් කරන්නැයි නිදහස් අල්ලස, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලය නම් සංවිධානය අද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment