පෙට්‍රල් මිල පහත දැමුවද ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමට කටයුතු නොකරන බව ත්‍රීරෝද රථ සංගම් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමාසහිත බැවින් ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බවය.
ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමුණි.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 410 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමීමට පියවර ගැනුණු අතර එහි නව මිල රුපියල් 510කි.
කෙසේ වෙතත්, ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල සංශෝධනයක් සිදු වී නැත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන්ට සාපේක්ෂව මිල අඩු කිරීම සිදුකරන බව ලංකා අයි.ඕ.සී. සමාගම ද ප්‍රකාශ කලේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ (15) වැනිදා මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.
ඒ අනුවයි ඊයේ(30) මෙලෙස පෙට්‍රල් මිල අඩු කිරීමට තීරණය කෙරුණේය.