ඇමරිකාවේ ඔත්තු බලන්න චීනයෙන් ආ බැලුනය

February 03, 2023 - 4:23 PM

ඇමරිකාවේ ඔත්තු බලන්න චීනයෙන් ආ බැලුනය | විදේශීය පුවත්

දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයට බැලූනය නිරීක්ෂණය වී තිබුණි.

ගුවන් කලාපයට ඇතුළුවූ වහාම බැලුනය අමෙරිකානු නිරීක්ෂණයට පත්වූ බවත්, ගුවන් හමුදාවට අයත් යානාවක් යොදවා එහි ගමන්මඟ නිරීක්ෂණය කර ඇති බවත් නිල නොවන වාර්තාවන් හි දැක්වෙයි.

එමෙන්ම එය වෙඩිතබා බිම හෙළීමට යෝජනා වී තිබුණත්, බැලූනයේ සුන්බුන් ඇද වැටීමෙන් ඇති විය හැකි ආරක්ෂක තර්ජනය සලකා එම අදහස අත්හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බවත් වැඩිදුරටත් සඳහන්ය.

බයිඩන් පරිපාලනයේ පළමු නිලධාරියා ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් දින කිහිපයකින් චීනයේ සංචාරය කිරීමට නියමිත පසුබිමක මෙම පුවත වාර්තා වීම විශේෂත්වයකි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment