ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් හිමිගේ දේහය අගරදගුරු දේවස්ථානය වෙත..

February 03, 2023 - 4:28 PM

ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් හිමිගේ දේහය අගරදගුරු දේවස්ථානය වෙත.. | දේශීය පුවත්

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය අද (3) දහවල් අගරදගුරු මැදුරේ දිව්‍ය හෘදයේ දේවස්ථානයට රැගෙන එනු ලැබිණි.

newsx-sri-lanka-1675421834_1255527

 එහි පැවති ආගමික වතාවත්වලින් අනතුරුව අද පස්වරැ 6.00ට දේහය කැලණිය, පිලපිටිය ශාන්ත ආනා දෙව් මැදුර වෙත /ගෙනයාමට නියමිතය.

හිටපු අගරදගුරුතුමන්ගේ දේහය හෙට (4) දහවල් 12ට දේහය අනුරාධපුර සාන්ත ජෝශප් මුනිඳුන්ගේ දෙව් මැදුර වෙත රැගෙනයාමට නියමිත අතර, අනිද්දා (5) සවස 5.00 සිට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ තැන්පත් කෙරෙනු ඇත.

කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී මෙම මස 6 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය එම ආසන දෙව්මැදුරේ භූමදානය කිරීමට නියමිතය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment