ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස් වූයේ ඇයි?

October 02, 2022 - 4:11 PM

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස් වූයේ ඇයි? | දේශීය පුවත්

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.

එම ලිපිය මගින් ඔහු ඇමතිවරයා වෙත දන්වා තිබෙන්නේ, නීත්‍යනුකූල හා විනිවිදභාවයකින් යුක්තව ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වවලින් දිගින් දිගටම විවේචන හා බලපෑම් එල්ල වූ බවයි.

එනිසා තවදුරටත් සභාපති තනතුරේ කටයුතු කළ නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැනුම් දී ඇත.

ගල්අඟුරු ගෙන්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සාහ දරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට ඇමතිවරයා විසින් පිළිගෙන ඇති අතර මේ දක්වා නව සභාපතිවරයෙක් පත්කර නොමැත.

 ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ධුරයට ජගත් පෙරේරා පත්කරනු ලැබුවේ මහින්ද අමරවීර මහතා අදාල අමාත්‍යංශයේ විෂය බාර අමාත්‍යවරයාව සිටියදීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment