දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවි සලක ඉබි යතුරු කඩා දේපළ සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ය.
අනතුරුව ඔවුන් වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව ඔක්. 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් අක්බාර් ටවුන්, වත්තල සහ උස්වැටකෙයියාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඊයේ (ඔක්. 2) අලුයම සැකකරුවන් දෙදෙනා දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවි සලක ඉබි යතුරු කඩා එයට ඇතුළු වී සොරකමක් සිදු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා මත්පැන් අලෙවි සලේ තිබූ භාණ්ඩ සොරකම් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරීන් දුටු විගස ඔවුන් ගිනි අවියක් පෙන්වා වෑන් රථයකින් පළා යාමට උත්සහ කර ඇත.
එම අවස්ථාවේදී පොලිසිය ඔවුන්ට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් පසුව ද ඔවුන් පළා ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් ගත් ගලෙන්බිඳුණුවැව සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක, පිටුපස අසුනේ අසුන් ගෙන සිටි වයස අවු. 29ක කාන්තාවකට වෙඩි වැදී ඇති බව ය.
ඇය ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
සැකකරුවන් පළා ගිය වෑන් රථය එඬේරමුල්ල, වැලිකඩමුල්ල, අප්පුගෙවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.
එම ස්ථානයේ ම පදිංචිව සිට ඇති සැකකරුවන් හඳුනන පුද්ගලයෙකු විසින් ඔවුන් රාගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර පසුව ඔහු ව පිළිබඳව වත්තල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අපරාධ ස්ථානවලට සම්බන්ධ පොලිස් ස්ථාන මගින් හා විශේෂ විමර්ශන ඒකක මගින් සිදු කරයි.