පෙතියාගොඩ සංඛ අත්අඩංගුවට

October 03, 2022 - 3:25 PM

පෙතියාගොඩ සංඛ අත්අඩංගුවට | දේශීය පුවත්

පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා හෙවත් "පෙතියාගොඩ සංඛ" නැමැත්තා  තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව "පෙතියාගොඩ සංඛ" නැමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා යොදා ගත් ගිනිඅවිය පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම ගිනිඅවියත් රැගෙන ත්‍රීරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා ඇහැළියගොඩ - රත්නපුර මාර්ගයේ පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 - 40 අතර පසුවන්නන් ය.

සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැළියගොඩ පොලීසියට භාර දී ඇත.
img-20221003-wa0046

WhatsApp
Telegram
Make a Comment
Make a Comment