තඹුත්තේගම පොලිස් වීරයාට පොලිසියෙන් සැලකිලි

October 03, 2022 - 4:22 PM

තඹුත්තේගම පොලිස් වීරයාට පොලිසියෙන් සැලකිලි | දේශීය පුවත්

තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ.බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ.

පසුගිය මස 26 වැනිදා තඹුත්තේගමදී ව්‍යාපාරිකයෙකු පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටී 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටියදී කොල්ලකරුවන් සමග පොරබදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බුද්ධික කුමාර මහතා සමත් විය.

ඒ කොල්ලකරුවන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගනිමිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment