වඳ වී ගිය නූතන මානවයන් (hominins) සහ මානව පරිණාමය පිළිබඳ ජාන සම්බන්ධ සොයාගැනීම් වෙනුවෙන් ස්වීඩන් ජාතික විද්‍යාඥ Svante Paabo 2022 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තා.
ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සභාව පිරිනමන, විද්‍යාත්මක ලෝකයේ වඩාත්ම කීර්තිමත් ත්‍යාගයක් වන මෙහි වටිනාකම ස්වීඩන් ක්‍රෝන මිලියන 10 ක්. (ක්‍රෝන එකක් ශ්‍රි ලංකා රුපියල් 33ක් පමණ වේ)
Svante Paabo ට හිමිවුණේ, මේ වසරේ නොබෙල් ත්‍යාග කාණ්ඩයේ පළමුවැන්නයි.
ස්වීඩන් ඩයිනමයිට් නිපැයුම්කරු සහ ව්‍යාපාරික ඇල්ෆර්ඩ් බර්නාඩ් නොබෙල්ගේ අදහසක් අනුව නිර්මාණය කළ, ආර්ථික විද්‍යා ත්‍යාගය පසුව එකතු වූවක් වුවද, විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ක්ෂේත්‍ර වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනමන්නේ 1901 වසරේ සිටයි.