"නාමල්ට මන්දපෝෂණය": විමලවීර දිසානායක කියයි

October 03, 2022 - 7:35 PM

"නාමල්ට මන්දපෝෂණය": විමලවීර දිසානායක කියයි | දේශීය පුවත්

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

අද (ඔක්. 3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට පැමිණ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ය. 

“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. මට දැන් මන්දපෝෂණය. නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණය. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහට මන්දපෝෂණය.” 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment