ඉන්දීය කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

February 25, 2023 - 6:40 PM

ඉන්දීය කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් | දේශීය පුවත්  | විදේශීය පුවත්

ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව නුදුරු අනාගතයේ දී භූ කම්පනයකින් බලපෑම් එල්ලවිය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පවසනනේ එමගින් උතුරු ඉන්දියානු පෙදෙස්වලට දැඩි හානි සිදුවීමේ හැකියාවක් ද පවතින බවය.

එමෙන්ම ඉන් ජීවිත හා දේපළ හානි රැසක් සිදුවිය හැකි බවද ඔවුන් අනතුරු අඟවා ඇත.

හිමාලය ප්‍රදේශයට බලපා හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බව ඔවුන්ගේ මතය වෙයි.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment