අත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි

October 04, 2022 - 8:37 AM

අත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි | දේශීය පුවත්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවා කිහිපයක් හඳුනා ගනිමින් ඒවා සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment