''ඉන්ධන බෙදා හැරීම බාධාවකින් තොරව'' - ඇමති කංචන 

October 04, 2022 - 9:09 AM

''ඉන්ධන බෙදා හැරීම බාධාවකින් තොරව'' - ඇමති කංචන | දේශීය පුවත්

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදු කෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එවැනි නොගමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව ජනතාවට කලබල නොවන ලෙස ය.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් අද (ඔක්. 4) දිනයේ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.  

අදාළ වාර්තාවල සඳහන් කර තිබුණේ, ඉන්ධන අලෙවිය සඳහා මාසික උපයෝගිතා ගාස්තුවෙන් සියයට 45ක් අය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් අත්තනෝමතික තීරණයට විරෝධය පළ කිරීම සඳහා එම පියවර ගන්නා බව ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment