කෝප් නව පත්වීම් ගැන හිටපු සභාපති චරිත හේරත්ගෙන් සැර ප්‍රකාශයක්

October 04, 2022 - 9:24 AM

කෝප් නව පත්වීම් ගැන හිටපු සභාපති චරිත හේරත්ගෙන් සැර ප්‍රකාශයක් | දේශීය පුවත්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් අද දවසේ ජය ගෙන ඇතැයි එම කමිටුවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන් අනුමාන කළ ආකාරයට ම මාස දෙකක කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ කෝප් කමිටුවේ ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත් කර ඇති බව ය.

කෝප් කමිටුවෙන් තමා ඉවත් කිරීමට ආර්ථික අපරාධ පිටුපස සිටි පිරිසට අවශ්‍ය වූ බව ත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පිළිබඳව ලැජ්ජා වන බව ත් හිටපු සභාපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත. 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඊයේ (ඔක්. 3) සාමාජිකයින් පත් කිරීම සිදු විය. කතානායකවරයා දැනුම් දුන්නේ, කෝපා කමිටුවට සහ කෝප් කමිටුවට සාමාජිකයින් 27 බැගින් නම් කළ බව ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment