සමාජ මාධ්‍ය මගින් තමාට අපහාසයක් සිදු කළැයි කියා සිටිමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුට එරෙහිව මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරා ඇත.
අසේල ධර්මසිරි යන අයකු විසින් truth with Chamuditha යන YouTube නාලිකාව තුලින් සහ ඔහුගේ Facebook ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු මෑතකදී ප්‍රචාරය කිරීම තුළින් තමාගේ කීර්තිනාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් වූ බවට ප්‍රකාශ කරමින්, එම තැනැත්තාට එරෙහිව සහ එම අපහාසාත්මක කරුණු ප්‍රචාරය කිරීමට මැදිහත් වෙමින් තම truth with Chamuditha යන YouTube නාලිකාව ඒ වෙනුවෙන් ලබා දී ඊට ආධාර අනුබල ලබාදීම වෙනුවෙන් එම නාලිකාව පවත්වාගෙන යන මාධ්‍යවේදී වමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආරක්ෂක ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
තවද වෙබ් අඩවියක් මගින් මෑතකදී ප්‍රචාරය කර ඇති කරුණු මගින්ද තමා හට අපහාසයක් සිදු වූ බවට ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් එම වෙබ් අඩවිය මෙහෙයවනු ලබන බවට සැලකෙන ජී.පී. නිශ්ශංක යන අයට එරෙහිවද රූපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.