විශේෂ කාර්ය බලකාය හපුතලෙ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10.04) පෙරවරුවේ බණ්ඩාරවෙල පොලිස් වසමේ දොරකඩ ඇල්ල, ඉහළ කහත්තේවෙල, බණ්ඩාරවෙල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නිවසේ උඩුමහලෙ ඉතා සුක්ෂම අයුරින් වගා කරන ලද ගංජා වගාවක් සමග එම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 41 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අඩි 05ක් පමණ උසකින් යුත් ගංජා පැල 14 සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.