තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහළ දමා තිබෙන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අවම මිළකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බවයි ඔහු පැවසුවේ.
කෙසේවෙතත් පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු සඳහන් කර සිටියි.
තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කරන බවට වෙළඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ.