9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම් අද (ඔක්. 5) පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11.00ට එම කමිටුව රැස්වීමට කටයුතු යොදා ඇත්තේ.
එහිදී කෝප් සහ කෝපා කමිටු සඳහා සභාපතිවරුන් පත් කිරීමට ද නියමිත ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන එම කමිටු සඳහා පත් කළ සාමාජිකයන්ගේ නාම ලේඛනය පෙරේදා (ඔක්. 3) ප්‍රකාශයට පත් කළේ ය.
කෝප් කමිටු සභාපති ධූරය සම්බන්ධයෙන් ඊයේ (ඔක්. 4) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණු අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, කෝප් කමිටුව සඳහා නම් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන ලෙස ය.