පොලිසිය නොමග යවමින් පැමිණිලි විභාග කළ බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අත්සන් හොරට යෙදූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
ඔහු විසින් පොලිසිය වෙත ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇත.
පානදුර කොට්ඨාසයේ වැඩබලන නිලධාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ, උසස් නිලධාරීන් නොමග යවමින් රාජකාරිය පැහැර හැර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වීමෙන් පසු එලෙස කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව ය.
පානදුර, උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් වී ඇත.
මීට මාස 3කට පමණ ඉහතදී පානදු,ර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල්හිමියකු තමනට බැන තර්ජනය කළ බව පවසමින් එම ප්‍රදේශයේ ම පුද්ගලයෙකු පානදුර උතුර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
පසුව පැමිණිලිකරු මෙතෙක් ඊට සාධාරණයක් නොවූ බවට පවසමින් පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම කොස්තාපල්වරයා පිළිබඳව අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා, පැමිණිල්ලට අදාළ ලියන ලද ලිපි ලේඛන පානදුර උතුර පොලීසියෙන් ගෙන්වා ගෙන පරීක්ෂා කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ, පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා බවට කොස්තාපල්වරයා ව්‍යාජ සටහන් දමා අත්සන් කර ඇති බව ත් පසුව ඔහුගේ අත්සන තබා ඇති බවත් ය.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු ඒ ආකාරයෙන් තවත් පැමිණිලි 4ක් සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බව ය.