කාන්තා කණ්ඩායමත් ආසියානු කුසලානයට තවත් ලං වෙයි.

October 05, 2022 - 9:15 AM

කාන්තා කණ්ඩායමත් ආසියානු කුසලානයට තවත් ලං වෙයි. | ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10-04) පැවති තරගයකින් ලකුණු 49ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් විය.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 69කදී ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 10ක් සමගයි. නිලක්ෂි ද සිල්වා පන්දු 21කදී ලකුණු 39ක් රැස් කළ අතර ඇයගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුලත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලබාගත හැකි වූණේ ලකුනු 107ක් පමණයි. පන්දු යැවීමේදී අචිනි කුලසූරිය ලකුණු 19කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ හර්ෂිතා සමරවික්‍රමයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මේපවනවිට ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම තුන් වැනි ස්ථානයේ පසුවේ.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ.

screenshot_20221005_092427

WhatsApp
Telegram
Make a Comment
Make a Comment