නන්දිකඩාල් කලපුව අසලින් මතු වූ හඳුනා නොගත් බෝම්බය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය

October 05, 2022 - 10:34 AM

නන්දිකඩාල් කලපුව අසලින් මතු වූ හඳුනා නොගත් බෝම්බය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (10.04) දින මුලතිව් පොලිස් වසමේ සෙල්වපුරම්, නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය :

1) මි.මී. 60 මෝටාර් උණ්ඩ  03 යි.
2) ආගස්ට් වර්ගයේ බෝම්බ  01 යි.
3) ආරූල් බෝම්බ  01 යි.
4) හදුනා නොගත් අත්බෝම්බ  01 යි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment