ආහාර විෂ වීමකින් බුත්තල පාසලක දරුවන් 22ක් වැල්ලවාය රෝහලේ

October 05, 2022 - 2:15 PM

ආහාර විෂ වීමකින් බුත්තල පාසලක දරුවන් 22ක් වැල්ලවාය රෝහලේ | දේශීය පුවත්

ආහාර විෂ වීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 22 දෙනෙකු අද (ඔක්. 5) වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.

උදෑසන ආහාර ලබා ගැනීමෙන් අනතුරුව දරුවන්ගේ සමේ කැසීමක් ඇති වූ බව ත් සමේ තැනින් තැන පලු හට ගැනීම හා බඩේ කැක්කුම් ඇතී වීම හේතුවෙන් මෙලෙස දරුවන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment