වැල්ලවායේ පිහිටි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලක් සම්පූර්ණයෙන් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
අදාළ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මුද්‍රා තබා ඇත.
එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, අදාළ පිරවුම්හලේ බොහෝ අක්‍රමිකතා සිදු වන බව ත් වටිනාකමට අඩුවෙන් ඉන්ධන නිකුත් කරන බව ත් ය.