මිනුවන්ගොඩ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

October 06, 2022 - 9:13 AM

මිනුවන්ගොඩ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට | දේශීය පුවත්

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවය.

පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිවැදීමට ලක්වූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment