ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබාදීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(ඔක්. 06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සහතික වුනා.
තවද පසුගිය මාස කිහිපය තුළ ජපානය සමඟ ඇති බැඳීම් ශක්තිමත් කර ගැනීමට දැඩි උත්සාහයක් ගත් බවද දැන් ඔවුන්ගෙන් කොළ එළියක් ලැබී ඇති බවද ජනපති පවසනවා.
2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් උපයාගෙන ඇත්තේ බදු මගින් බවත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටී ඇති පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට ඔවුන් එකඟ වී ඇති බවද ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.