විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.05 වන දින විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන ලබන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලා ඇළ ගුණා යන අයගේ සමීපතමයෙකු වන වයස අවුරුදු 43 ක ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුල්ලවත්ත, සුනන්ද විහාරය ඉදිරිපිට දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76 සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 2022.10.05 වන දින මත්තල පොලිස් වසමේ මත්තල අධිවේගී පිවිසුම අසල දී වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් මගින් කේරළ ගංජා ග්‍රෑම් 630 ක් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 40 පසුවන තංගල්ල හා රන්න ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.