ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 226ක්, ඇමෙරිකානු ඩොලර් 60,000ක්, ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් සහ රන් භාණ්ඩ වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ නගරයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යන සැකකාරියක් (තිළිණි ප්‍රියමාලි) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලී පදනම මත ලබාගෙන මෙම ව්‍යාපාරයේ යෙදෙන අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 16ක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේ ය.සැකකාරිය අවි සහිත ආරක්ෂක භටයන් සමග ගමන් කරන බව ත් ඒ සඳහා ඇයට ආරක්ෂාව ලබා දී ඇත්තේ සුප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.
ඇය මෙම නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන අතර ඒ සඳහා ඒජන්සි 5ක් ලියාපදිංචි කර ඇති බව ද රහස් පොලිසිය කීය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තොම්බර් 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.