තායිලන්තයේ, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් අද (ඔක්. 6) දහවල් 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර මිය ගිය පිරිස අතර අවම වශයෙන් ළමුන් 23 දෙනෙකු ද සිටින බව තායිලන්ත බලධාරීන් සඳහන් කර තිබේ.
ප්‍රහාරයෙන් පසු තුවක්කුකරු නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවා ද ඝාතනය කර සියදිවි නසාගත් ගෙන ඇත.
තුවක්කුකරු 34 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙකු වන අතර මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඔහු පසුගිය වසරේ සේවයෙන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම මධ්‍යස්ථානයේ ළමුන් 30 දෙනෙකු පමණ සිට තිබේ.
මාස අටක ගැබිනියකව සිටි ගුරුවරියක ඇතුළු කාර්ය මණ්ඩලය පස් දෙනෙකුට එම පුද්ගලයා විසින් මුලින් ම වෙඩි තබනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
තායිලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව, තුවක්කුකරු ප්‍රහාරය සඳහා පිහි ද භාවිත කර ඇති අතර පසුව ගොඩනැගිල්ලෙන් පළා ගොස් ඇත.