විදුලි බිලේ හිඟ මුදල ගැන දයාසිරිගෙන් උත්තර

October 06, 2022 - 5:09 PM

විදුලි බිලේ හිඟ මුදල ගැන දයාසිරිගෙන් උත්තර | දේශීය පුවත්

තමන් පාවිච්චි කරන ලද නිල නිවෙස් වල විදුලි බිලේ හිඟ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ලංකා විදුලිබල මණ්ඩලය මගින් පසුගියදා ලිපි යොමුකර තිබුනා.

 තමන් ලද ලිපියට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූවා.

 එම ලිපියේ සඳහන් හිඟ මුදල තමාට පෙර එම නිල නිවස භාවිතා කළ ඇමතිවරුන්ගෙන් අයවිය  යුතු  මුදල් ද ඇතුලත්ව ඇති බවයි. 
 
 තමා ගෙවිය යුතු හිඟ මුදල් වලින් යම් කොටසක් තමා දැරූ අමාත්‍යාංශ වලින් ගෙවිය යුතු බවත් එම මුදල් ගෙවා දැමීමට අදාල අමාත්‍යාංශ වෙත දැනුම් දුන් බවත් ඒ මහතා පුකාශ කළා.

ලංකා වවිදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව දයාසිරි ජයසේකර මහතාට යවන ලද ලිපියේ කොළඹ 07 ග්‍රෙගරි පරේ අංක 12 ලිපිනයේ ඇති නිවස 2016 ජනවාරි මස දයදයාසිරි මහතාට බාරදෙන විට හිඟ ශේෂය 494,739.69 ක් බවත් 2022 අගෝස්තු  මස වන විට එම හිඟ මුදල 637,448.38 ක් බවද සඳහන් වනවා. 

 එම අදාල හිඟ මුදල් 2022 ඔක්තොම්බර් 15 ට පෙර පියවා අදාල ගිණුම නිරවුල් කර ගන්නා මෙන්ද  නැතහොත් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද එම ලිපියේ සඳහන් කොට තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment