22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීළඟ සැසිවාරයේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
ඊට අදාළ තීරණය පක්ෂ නායක රැස්වීමේදී ගත් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (ඔක්. 6) නිවේදනය කළේ ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (ඔක්. 6) සහ හෙට (ඔක්. 7) දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 29 වන දා තීරණය කර තිබිණි.