රජයෙන් ප්‍රතිලාභ වැඩසටහනක්: ලියාපදිංචි වන්නේ මෙහෙමයි

October 06, 2022 - 6:09 PM

රජයෙන් ප්‍රතිලාභ වැඩසටහනක්: ලියාපදිංචි වන්නේ මෙහෙමයි | දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට ශුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’ යන තේමාව යටතේ රටේ සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේ ය.

මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන්, සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන් ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයින්ට මෙම ප්‍රතිලාභ හිමි වන බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (ඔක්. 6) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වන විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයැදුම් පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ මහතා පැවසීය.

ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන්, www.wbb.gov.lk මීට අදාළ අයැදුම්පත ඕනෑ ම අයෙකුට භාගත කරගැනීමට අවස්ථාව තිබේ.

අදාළ අයැදුම් පත පහතින් දැක්වේ.img-20221006-wa0034 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment