මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව අද (ඔක්. 6) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවු අවස්ථාවේදී ය.
නිතීපතිවරයා විසින් ලබා දෙන ලද උපදෙස් අනුව ඔහු ඇතුළු පිරිස මෙම නඩුවෙන් මුදා හැර ඇත.
2015 ජනාධිපතිවරණය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සිලාවතුර ප්‍රදේශයේ අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යමින් රුපියල් ලක්ෂ 95කට වැඩි සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි.