ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය මැද මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

October 06, 2022 - 6:28 PM

ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය මැද මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි | විදේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නව යෝජනාව අද (ඔක්. 6) යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.

ඒ සම්බන්ධයෙන් සිදු කළ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව නියෝජිතයින් 20 දෙනෙකුගේ ඡන්දය හිමි විය.

ඊට අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය, ඇතුළු තවත් රටවල් ගණනාවක් එක්ව සිටියේ ය.

ඡන්ද විමසීමේදී, ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් 20ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ය.

මෙතෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක් වූ ලිබියාව මෙවර සහය පළ කරමින් ඡන්දය ලබා දී නොතිබිණි.

බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසුවේලාව යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් 7 අතර විය.

ඒ අනුව, අදාළ යෝජනාව වැඩි ඡන්ද 13කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment