බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි ය.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.