නාඋල නිවසක සැක කටයුතු මරණයක්

October 07, 2022 - 7:24 AM

නාඋල නිවසක සැක කටයුතු මරණයක් | දේශීය පුවත්

නාඋල පොලිස් වසමේ ලේනමිය ප්‍රදේශයේ නිවසක, ඊයේ (ඔක්. 6) උදෑසන කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිට තිබේ.

ඒ අනුව, ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එහි ගොස් අදාළ පුද්ගලයා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔහු ඒ වන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පැවසීය.

මරණකරු වයස අවුරුදු 38ක නාඋල, ලේනමිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරනු ලබන අතර, නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment