මිත්‍රශීලිම රටවල් අතර ලංකාවට හිමි තැන

October 07, 2022 - 2:08 PM

මිත්‍රශීලිම රටවල් අතර ලංකාවට හිමි තැන | විදේශීය පුවත්

Condé Nast Traveller මගින් පිරිනමන 2022 Readers’ Choice Awards උළෙලේ ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලී ම රටවල් 10 අතරට තේරී පත් වී තිබේ.

සිය පාඨකයින්ගේ කළ මත විමසුමක් අනුව ඔවුන් එම ප්‍රතිඵල නිකුත් කර ඇත.

ඒ අනුව, රටවල් 10ක් අන්තර්ගත වන එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 9 වන ස්ථානයට තේරී පත් වී තිබේ.

දරුවන්ගේ සිට මහලු අය දක්වා, ශ්‍රී ලංකාවේ මිනිසුන්, අමුත්තන්ට දක්වන ආදරය සහ උපකාර කිරීමට ඇති අවංක ආශාව සඳහා ප්‍රසිද්ධ බව Condé Nast Traveller සඳහන් කර ඇත.

මිරිස්ස, ගාලු කොටුව, වැලිගම මෙන් ම සීගිරිය, තේ වතු ඇති නුවර එළිය ආදී ආකර්ෂණීය ස්ථානවලින් ශ්‍රී ලංකාව සමන්විත බව එහි දක්වා තිබේ.

“On the south coast, set sail on a whale watching expedition in Mirissa, shop the colourful boutiques of the fort city of Galle or shack up at the uber-luxe Cape Weligama hotel, occupying a cliff next to the ocean. Make the climb up to the Tea District, where precarious winding roads will lead you into the heart of the country’s tea plantations, or, towards the centre, climb Sigiriya Rock for views far and wide.”

2022 වසරේ ලොව මිත්‍රශීලී ම රටවල් අතර ප්‍රථම ස්ථානයට ප්‍රංශ පොලිනීසියාව පත්ව තිබේ.

දෙවන ස්ථානයට කොළොම්බියාවත්, තෙවන ස්ථානයට නවසීලන්තයත් පත්ව ඇත.

තායිලන්තය, කොස්ටාරිකා, බොට්ස්වානා, පේරු, බෙලීස් සහ පිලිපීනය ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ඇතුළත් සෙසු රටවල් වෙයි.

Condé Nast Traveller සඟරාව ලන්ඩන් නුවර පළ කෙරෙන සුඛෝපභෝගී සංචාරක සඟරාවක් ලෙස සුප්‍රකට ය.

The Friendliest Countries in the World:

1. French Polynesia

2. Colombia

3. New Zealand

4. Thailand

5. Costa Rica

6. Botswana

7. Peru

8. Belize

9. Sri Lanka

10. Philippines

WhatsApp
Telegram
Make a Comment
Make a Comment