මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට සැකපිට සිව්දෙනෙක් අත්අඩංගුවට

October 07, 2022 - 3:07 PM

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට සැකපිට සිව්දෙනෙක් අත්අඩංගුවට | දේශීය පුවත්

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පිරිසක් එකම පවුලේ 51 හැවිරිදි  පියා සහ 23, 24 වයසේ පසුවූ පුතුන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු ගලේවෙල ප්‍රදේශයේ දී ඊයේ (10-06) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

එලෙස අත්අඩංගුවට පත්වූවන්ගෙන්  ලද තොරතුරු අනුව මෙම අපරාධයට සමිබන්ධ තවත්  සැකකරුවෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සිව්දෙනා සම්බන්ධ විමර්ශන කටයුතු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.
 
මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇපමත මුදාහැර සිටි බවට වැඩිදුර විමර්ශන කටයුතු වලදී තහවුරු වී ඇත.

img-20221007-wa0025 img_20221007_150254

WhatsApp
Telegram
Make a Comment
Make a Comment