අඟුරුවාතොට පොලිස් වසමේ, මාබෝගොඩ ප්‍රදේශයේ කාන්තා හිසකෙස් සැකසීම සඳහා භාවිත කරන වූල් වළල්ලකට ගෙළ සිරවූ 8 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ඔක්. 6) සවස අඟුරුවාතොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව ය.
නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවකදී අදාළ දරුවා කාමරයක බිත්තියේ තිබූ ඇණයක, වූල් වළල්ලක් ආධාරයෙන් එල්ලී ගෙළ සිර වී සිටියදී පියා විසින් ඉන් ඉවත් කර දරුවා රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබ ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බව ය.
මිය ගිය දරුවා මාබෝගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුරුවාතොට පොලිසිය සිදු කරයි.