වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කරන්න පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

October 07, 2022 - 7:01 PM

වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කරන්න පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය | දේශීය පුවත්

අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ඊයේ (ඔක්. 6) හිමි වී තිබේ.

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඔක්. 8 වන දින සිට ඔක්. 13 දින දක්වා විදේශගත වීමට නියමිත බැවින් එම කාලය තුළ අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා එලෙස ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ පත් කර ඇත.

එමෙන් ම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක් සඳහා පවතින පුරප්පාඩුව සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ.එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ පත් කිරීමට පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරනු ලැබ තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් සහභාගි වී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment