උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින වෙනස් වේ

October 07, 2022 - 7:24 PM

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින වෙනස් වේ | දේශීය පුවත්

2022 වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර තිබේ.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස විභාග දිනයන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ සිසුන්ගෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ලැබුනු ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

මීට පෙර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4ත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 සිටත් පැවැත්වීමට නියමිතව තිබුණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment