අද දවසේ වැසි තත්ත්වය

October 08, 2022 - 7:35 AM

අද දවසේ වැසි තත්ත්වය | දේශීය පුවත්

ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල අද (ඔක්. 8) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment