මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා සියයට 3.5කින් ඉහළ ගොස් තිබේ.
එය අගෝස්තු මාසය තුළ පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.
මෙම සංචිත වත්කම් අතරට චීන මහජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වෙයි.
සංචිත ඉහළයාමට විදේශගත ශ්‍රමිකයන් පසුගිය මාසයේ දී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඉහළ යෑමද බලපා තිබේ. සැප්තැම්බර් මාසය තුල විදෙස් ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 34 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මෙය 2022 අගෝස්තු මාසයේ දී ලැබුණ මුදලට සාපේක්ෂව 10%ක වැඩිවීමක් වේ. එය පසුගිය ජූලි මාසය සමග සසඳන විට 29%ක (මිලියන 80 ක) වැඩිවීමකී.