ලබන සඳුදා විශේෂ බැංකු නිවාඩුවක්

October 08, 2022 - 2:40 PM

ලබන සඳුදා විශේෂ බැංකු නිවාඩුවක් | දේශීය පුවත්

ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, නබි නායකතුමන්ගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම නිසා, එදින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් වීම හේතුවෙන්.

සියළුම බැංකු වලට අමතරව කොළඹ කොටස් වෙළෙඳ පොල ද එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment