රජය සහ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ මැයෙන් සංවිධාන කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට අද (ඔක්. 8) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
"ඒ නිසා අපි එකතු වෙලා මේ රජය රැකගෙන, ගෝඨාභය මැතිඳු ගෙන යන වැඩපිළිවෙළ, මේ රට ගෙන යන වැඩපිළිවෙළත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙළ… එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් යූ.එන්.පී. කාරයයි කියලා. දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහ මගට හැරිලා කියලයි මම විශ්වාස කරන්නේ. අපි එතුමාට සහයෝගය දක්වමින්, මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරනවා."