1991 වසරේ පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකාරියක ඊයේ (ඔක්. 9) දහවල් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 64ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පසුගිය සැප්තැම්බර් 29 වන දින සහ ඔක්තෝබර් 7 වන දා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් සිදු කළ විමර්ශනවලදී අදාළ සැකකරිය බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණීමෙන් පසු අත්ඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද (ඔක්. 9) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම ඝාතනවලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.